රුසියාවෙන් ඔක්තෝබරයේ සිට දැවැන්ත එන්නත්කරණ වැඩපිළිවෙලක්

2020-08-02 at 08:56

කොරෝනා වෛරසයට එරෙහිව ලබන ඔක්තෝබර් මාසයේ සිට දැවැන්ත එන්නත්කරණ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට රුසියාව සූදානම් වනවා.

වෛද්‍යවරුන් සහ ගුරුවරුන්ට පළමුවෙන් එන්නත ලබාදීමට නියමිතයි.

දැනට අවසාන අධියරේ පවතින අත්හදා බැලෙමින් පවතින එන්නතක් සඳහා මෙම මාසය අවසානයේ දී අනුමැතිය දීමටයි රුසියානු සෞඛ්‍ය බළධාරීන් සුදානමින් පසුවන්නේ.

මේ අතර අමෙරිකාව විසින් කොවිඞ් වෛරසයට අත්හදා බලන එන්නතක් මෙම වසර අවසානයට පෙර භාවිතයට ගැනීමට හැකිවනු ඇති බවටද සුභවාදී බලාපොරොත්තු පළ වී තිබෙනවා.