ලංකාව ගැන තවත් ජිනීවා යෝජනාවක්

2019-02-12 at 18:15

ලබන මාසයේදී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ගෙන එන බව මහා බ්‍රිතාන්‍යය තහවුරු කර තිඛෙනවා.

2015 වසරේදී ශ්‍රී ලංකාව පිළිබඳ ගෙන එනු ලැබූ 30/1 යෝජනාව ක්‍රියාත්මක වීමේ අරමුණින් මෙම නව යෝජනාව ගෙන එන බවයි බ්‍රිතාන්‍යය සඳහන් කර ඇත්තේ.

මේ සඳහා කැනඩාව / ජර්මනිය / මැසිඩෝනියාව / මොන්ටිනීග්‍රෝ යන රටවල සහය හිමිවන බවද ඔවුන් නිකුත් කල නිවේදනයක සඳහන්.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව / වගවීම සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ අරමුණිනුයි මෙම යෝජනාව ගෙන ඒමට සැලසුම් කර ඇත්තේ.