ලංකා ප්‍රිමියර් ලීග් T20 තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් අනුමැතිය

2020-07-27 at 19:27

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව අගෝස්තු 28 වනදා සිට සැප්තැම්බර් 20 වනදා දක්වා තරගාවලිය පැවැත්වෙන බවයි ක්‍රිකට් ආයතනය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ.

මෙම තරගාවලිය තරග 23 කින් සමන්විත වන අතර ක්‍රීඩාංගණ 04 කදී තරග පැවැත්වෙනු ඇති.

ඒ අනුව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය / රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණය / පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සහ සූරියවැව අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී තරග පැවැත්වීමට නියමිතයි.

කොළඹ – මහනුවර – ගාල්ල – දඹුල්ල සහ යාපනය ලෙස කණ්ඩායම් නම් කර තිබෙනවා.

70 කට අධික විදේශීය ක්‍රීඩකයන් / සුපිරි පුහුණුකරුවන් 10 දෙනෙකු සහ ඉහළම ලාංකික ක්‍රීඩකයන් දැනටමත් තරගාවලියට සහභාගී වන බව තහවුරු කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ.

තරගාවලියේ නාම හිමිකාරීත්වය වෙනුවෙන් වන ලංසු තැබීම ලබන 30 වනදා සිදුකිරීමට නියමිත අතර තරග කාලසටහන ඉන් අනතුරුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.