ලොවපුරා සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 12,386,188 ක්

2020-07-10 at 06:50

ලොවපුරා සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේවනවිට එක්කෝටි විසි තුන්ලක්ෂ හැත්තෑ හත්දහස් පන්සිය හතලිස් හයක් බවට පත්ව තිඛෙනවා.

කොරෝනා වෛරසය අසාදනයවීමෙන් මේ වනවිට ලොවපුරා ජීවිතක්ෂයට පත්වූවන්ගේ සංඛ්‍යාව පන්ලක්ෂ පනස් හයදහස් පන්සිය පනස් නවයක්.

වැඩිම බලපෑමක් එල්ලවී ඇති අමරිකා එක්සත් ජනපදයෙන් මරණ 943ක්ද දෙවන වැඩිම බලපෑම එල්ලවී ඇති බ්‍රසීලයෙන් මරණ එක්දහස් එකසිය අනූ නවයක්ද ගතවූ පැය විසිහතර තුල වාර්තා වී තිඛෙනවා.

අසල්වැසි ඉන්දියාවේ මේවනවිට සමස්ත කොරෝනා රෝගීන් ගණන හත්ලක්ෂ අනූ හතර දහස් අටසිය පනස් පහ දක්වා ඉහලගොස් ඇති අතර එරටින් වාර්තාවන මරණ ගණන විසිපන්දහස් අටසිය තුනක්.