ලොව පුරා කොවිඞ් ආසාධිතයන් කෝටි 03 පනී – ඊයේ ලංකාවෙන් කිසිදු ආසාධිතයෙකු නෑ

2020-09-17 at 05:54

ලොව පුරා කොවිඞ් ආසාධිතයන් සංඛ්‍යාව කෝටි 03 ඉක්මවා ගොස් තිබෙනවා.

ඊයේ දිනයේ වාර්තා වී ඇති රෝගීන් ගණන දෙ ලක්ෂ 97 දහස් 405 ක්.

ඒ අනුව මේ දක්වා සටහන්වන මුලු කොවිඞ් ආසාධිතයන් සංඛ්‍යාව තුන් කෝටි 15 දහස් 547 ක්.

ඊයේ දිනයේදීත් වැඩිම ආසාධිතයන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙනුයි. එය 97 දහස් 859 ක්.

මේ දක්වා එක් රටකින් දිනයකදී වාර්තාවූ වැඩිම කොවිඞ් රෝගීන් ගණනද එයයි.

ඒ අනුව මේ වනවිට එරට මුලු ආසාධිතයන් සංඛ්‍යාව 51 ලක්ෂ 15 දහස් 893 ක්.

ඉන්දියාවෙන් ඊයේ කොරෝනා මරණ 1139 ක් වාර්තාවුණා.

දැනට ලොව පුරා වාර්තාවන මුලු කොවිඞ්19 මරණ සංඛ්‍යාව 09 ලක්ෂ 44 දහස් 497 ක්.

කෙසේවෙතත් ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් කිසිදු කොවිඞ් ආසාධිතයෙකු වාර්තාවූයේ නැහැ.

ඒ අනුව මෙරට මුලු ආසාධිතයන් සංඛ්‍යාව තවදුරටත් 3271 ක් ලෙස පවතිනවා.

සුවය ලැබූ සංඛ්‍යාව 3021 ක්.

විදේශිකයන් 14 දෙනෙකු ඇතුලු 237 ක් තවමත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 13 ක්.