World Cup යන Indian Cricket Team එක මෙන්න

2019-04-15 at 16:02

මෙවර ක්‍රිකට් ලෝක කුසලානය සදහා එක්වන ඉන්දීය ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කර තිඛෙනවා.

විරාට් කෝලිගේ නායකත්වයෙන් හා රෝහිත් ෂර්මාගේ උප නායකත්වයෙන් යුතු යුතු සංවිතයට සමස්ථ ක්‍රීඩකයින් 13 ක් ඇතුලත්.

ශිකර් ධවාන් / කේ එල් රාහුල් / විජය ශංකර් / දිනේෂ් කාර්තික් / හා යුස්වේන්ද්‍ර චහාල්ද ඉන්දීය සංචිතයට ඇතුලත් වනවා. මෙවර ලෝක කුසලානයේදී ඉන්දීය ක්‍රිකට් කන්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයා ලෙසින් මහේන්ද්‍ර සිං දෝනි කටයුතු කරනු ඇති.

කුල්දීප් යාදව් / බුවනේෂ්වර් කුමාර් / ජස්ප්‍රිට් බුම්රා / හර්දික් පාණ්ඩයා හා මොහොමඩ් ශාමි ඉන්දීය සංචිතයේ සෙසු ක්‍රීඩකයින් වනවා.

මෑත කාලයේදී දස්කම් අතර සිටි ඉන්දීය පිතිකරුවන් වන රිෂාබ් පාන්ට් හා අම්බති රයිදු මෙවර ලෝක කුසලානයට එක්වන ඉන්දීය සංචිතයට නම් කර නොතිබිම විශේෂත්වයක්.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන මස 30 වනදා ආරම්භ කිරීමට නියමිතයි.

 

Please follow and like us: