ව්‍යවස්ථාදායක සභාවේ ජනපති නව නියෝජිතයා මහින්ද

September 14, 2018

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ ජනාධිපතවරයාගේ නව නියෝජිතයා ලෙස අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පත් කර තිඛෙනවා.

මෙතෙක් එම සභාව නියෝජනය කල අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ධූර කාලය අවසන් වී තිඛෙනවා. එබැවින්් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නිල් ඉද්දවල මහතා නිවුස් රේඩියෝවට කියා සිටියේ.

රජයේ උසස් තනතුරු සදහා නිළධාරින් පත් කිරීම සහ කොමිෂන් සභා සාමාජිකයන් පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවේ මූලික කාර්යය භාරය වන අතර පාර්ලිමේන්තුවට තේරීපත්වූ මහජන නියෝජිතයන් 10 දෙනෙකුගෙන් එය සමන්විතයි.