වාලම්පුරි 2 ක් සමග 4 දෙනෙක් ඉමදූවේදී කොටු

2020-10-01 at 11:47

වාලම්පුරි 2 ක් සමග සැකකරුවන් 4 දෙනෙක් ඉමදූව කෝදාගොඩ ප්‍රදේශයේදි පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් මෙම වාලම්පුරි 2 කෝටි 6 ක මුදලකට අලෙවි කිරිමට තැත් කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

සැකකරුවන් අතරින් දෙදෙනෙක් හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙත් දෙදෙනා කලුතර හා වැලිගම ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.