වාස් සිය උපදේශකත්වයෙන් ඉල්ලා අස්වීම පුද්ගලික මුදල්මය කරුණක් බවට චෝදනා

2021-02-23 at 05:46

ශ්‍රී ලංකා පන්දු යැවීමේ උපදේශක ධුරයෙන් චමින්ද වාස් ගේ ඉල්ලා අස්වීම පුද්ගලික මුදල්මය කරුණක් මත සිදුවූවක් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය චෝදනා කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය සඳහන් කලේ කොදෙව් සංචාරය බලා යෑමට පැය කිහිපයකට පෙර සිදුවූ මෙම ඉල්ලා අස්වීම වගකීම් විරහිත ක්‍රියාවක් බවයි.

ක්‍රිකට් ආයතනය පමණක් නොව සමස්ත ජාතියම චමින්ද වාස් කෙරෙහි ඉහළ ප්‍රතිරූපයක් තබා තිබූ බවද එම නිවේදනයේ දැක්වෙනවා.

එසේ තිබියදී අමතර දීමනාවක් වෙනුවෙන් ක්‍රිකට් පරිපාලනය / ක්‍රීඩකයන් සහ ක්‍රීඩාව උගසට තබමින් චමින්ද වාස් කටයුතු කල ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි කණස්සල්ල පළකරනවා.

තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම කොදෙව් දූපත් බලා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත වූ අතර ඊටද තමන් සහභාගී නොවන බවයි චමින්ද වාස් දැනුම් දී තිබුණේ.