වික්ටෝරියා ප්‍රාන්තයට හදිසි ආපදා තත්වයක් – මෙල්බර්න් නගරයට රාත්‍රී ඇඳිරි නීතිය

2020-08-02 at 13:57

කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහල යාමත් සමග ඔස්ටේ්‍රලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට හදිසි ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එරට වේලාවෙන් අද රාත්‍රී 8 සිට නව නිරෝධායන සීමා පැණවීමටයි ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඩැනියෙල් ඇන්ඩෘස් තීරණය කර ඇත්තේ.

මේ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන මෙල්බර්න් නගරයට යළි දැනුම් දෙන තුරු රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා ඇඳිරි නීතිය පැණවෙනු ඇති.

එමෙන්ම දිවා කාලයේදී මෙල්බර්න් නගරවාසීන්ට නිවාසවල සිට කිලෝමීටර් 05 ක උපරිමයකට පමණක් ගමන් කිරීමටයි අවසර හිමිවන්නේ.

අද දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාධිතයන් 671 දෙනෙකු වාර්තා වී තිබෙනවා. – රංගන