විදේශ සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2017 න් පසු පවත්වා නෑ

2021-04-08 at 12:09

විදේශ සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2017 වසරෙන් පසු මේ දක්වා පවත්වා නොමැති බව අද පාර්ලිමේන්තුවේදී අනාවරණය වුණා.

ඒ අනුව තෝරා ගන්නා සංඛ්‍යාව වැඩි කර ඉදිරියේදී එම විභාගය පැවැත්වීමට පියවර ගන්නා බවයි විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කලේ.

විදේශ සේවය සඳහා නිර්දේශ වූ ඇතැමුන් වෙනුවට දේශපාලන හිතවත්කම් මත වෙනත් පුද්ගලයන් පත් කර ඇති බවට සමගි ජන බලවේගයේ මන්ත්‍රී හේෂා විතානගේ මහතා කල ප්‍රකාශයකට පිළිතුරු දෙමින් විදේශ අමාත්‍යවරයා මේ බව කියාසිටියා.