වියට්නාමයේ පළමු කොරෝනා මරණය වාර්තා වෙයි

2020-07-31 at 14:52

වියට්නාමයේ පළමු කොරෝනා මරණය අද වාර්තා වුණා.

කොව්ඞ් ව්‍යාප්තිය ආරම්භවීමත් සමග දැඩි නිරෝධායන සීමා අනුගමනය කල රටක් ලෙසයි වියට්නාමය සැළකෙන්නේ.

නිරෝධායන ක්‍රියාවලිය සහ ආසාධිතයන් හඳුනාගැනීම ඉහළ මට්ටමක පවත්වාගැනීම ඊට ප්‍රධාන හේතුව වුණා. මාස 03 කට ආසන්න කාලයක් වියට්නාමයෙන් කිසිදු ආසාධිතයෙකු වාර්තා වූයේ නැහැ.

කෙසේවෙතත් මේ වනවිට නැවතත් එරටින් දෛනිකව කොවිඞ් ආසාධිතයන් වාර්තාවෙමින් පවතිනවා.

මේ අතර කොරෝනා මැණ වැඩිම 05 වන රට බවට ඉන්දියාව පත්වී තිබෙනවා. ඒ ඉතාලිය අභිබවා යමින්.

ඉන්දියාවෙන් මේ වනවිට කොරෝනා මරණ 35 500 කට වැඩි සංඛ්‍යාවක් සටහන් වනවා.