විශේෂ මහාධිකරණ අහෝසි කරන්න යන්නේ වංචා වහගන්නයි

November 9, 2018

විශේෂ මහාධිකරණ අහෝසි කරන බවට නිදහස් සන්ධානය ප්‍රකාශ කරනුයේ ඔවුන්ට එරෙහි වංචා වසා ගැනීමට බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා.

අරලිය ගහ මන්දිරයේ පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී තුශාර ඉඳුනිල් අමරසේන මහතා මෙම අදහස් පළකලා.

උතුරේ ඉඩම් මුදා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුලු නිදහස් සන්ධානය දෙබිඩි මතයක පසුවන බවටයි මන්ත්‍රීවරයා චෝදනා කලේ.

රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගැනීමට දැනට පාලන බලය ගෙනයන පාර්ශවය අපොහොසත් වී ඇතැයිද තුශාර ඉඳුනිල් අමරසේන මහතා ප්‍රකාශ කලා.