ශවේන්ද්‍ර ගැන අමෙරිකා කොංග්‍රසයටත් කරුණු කියයි

2020-02-17 at 22:35

යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සංචාරක තහණමක් පැණවීමට අමෙරිකාව ගත් තීරණය සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් එරට කොංග්‍රස් සභිකයන් පිරිසක් හමුවේද විරෝධය පළකර තිබෙනවා.

විදේශ සබඳතා අමාත්‍යංශය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ කොංග්‍රස් සභිකයන් දෙදෙනෙකු සහ කොළඹ සිටින අමෙරිකානු තානාපතිනිය පස්වරුවේ අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ඇති බවයි.

ශ්‍රී ලංකා රජයේ කණස්සල්ල අමෙරිකා කොංග්‍රසයට වාර්තා කරන බවයි කොංග්‍රස් සභිකයන් මෙහිදී සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකාවට සිදුකරන සෘජු විදේශ ආයෝජන ඉහළ නැංවීම කෙරෙහිද අමෙරිකාවේ අවධානය යොමුවී ඇති බව කොංග්‍රස් සභිකයන් සඳහන් කර තිබෙනවා.

මේ අතර දිවයිනේ නිල සංචාරයක නිරතවූ අමෙරිකානු කොංග්‍රස් සභිකයන් සහ ද්‍රවිඩ ජාතික සන්ධානය අතර හමුවක්ද පවත්වා තිබුණා.

බලය බෙදීම පදනම් කරගත් දේශපාලන විසඳුමක් අත්‍යවශ්‍ය බවයි පක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා එහිදි සඳහන් කර තිබුණේ.

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තරයට දී ඇති පොරොන්දු ඉටු කරවා ගැනීමට අන්තර්ජාතික මැදිහත්වීමක් අවශ්‍ය බවද මෙහිදී අවධාරණය වී තිබෙනවා.


risus. efficitur. ipsum Donec facilisis commodo