ශ්‍රී පාද වන්දනා සමය අද සිට

2019-12-11 at 05:44

ශ්‍රී පාද වන්දනා සමය අදින් ආරම්භ වනවා.

සධාතුක කරඩුව සහ සමන් දේව ප්‍රතිමාව පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ සිට සිරිපා මලුව තෙක් වැඩම කරවීම ඊයේ සිදුුකෙරුණා.

ශ්‍රී පාද වන්දනා සමය සෑම වසරකම උඳුවප් පොහෝදිනයෙන් ආරම්භ වන අතර වෙසක් පොහෝ දිනයෙන් නිමාවට පත්වනවා.

මේ අතර පොලිසිය පැවසුවේ සිරිපා වන්දනා සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි.

ඒ අනුව නල්ලතන්නියේ සිට ශ්‍රී පාදස්ථාන උඩමලුව දක්වා විශේෂ ජංගම පොලිස් ආරක්ෂක මුර කුටි කිහිපයක් ස්ථාපිත කිරීමට නියමිත බවයි.