ශ්‍රී ලංකාවෙන් ඊයේ කොරෝනා මරණ 03 ක් – ආසාධිතයන් 221 ක්

2021-04-08 at 07:27

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 03 ක් ඊයේ වාර්තා වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, තණමල්විල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි කාන්තාවකයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ථ කොරෝනා මරණ ගණන 591 ක් තෙක් ඉහල යනු ඇති.

මේ අතර මෙරටින් තවත් කොවිඩ් ආසාධිතයන් 221 දෙනෙකු ඊයේ දිනයේදී හඳුනාගෙන තිබෙනවා.

ඉන් 31 දෙනෙකු විදේශයන් හි සිට පැමිණි අයයි.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 93 දහස් 993 ක්.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 2485 ක්.

මෙරට ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 90 දහස් 917 දක්වා ඉහළ ගියා.