ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 1150 ක්

2021-05-04 at 18:07

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 1150 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 01 ලක්ෂ 14 දහස් 826 ක්.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 14 964 ක්.

මේ අතර මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 944 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 99 දහස් 153 දක්වා ඉහළ යනු ඇති.

මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 1118 ක්.

ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 709 ක් වාර්තා වී තිබෙනවා.