ශ්‍රී ලංකාව 20 යි 20 තරගයත් පරාදයි

January 11, 2019

ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 36කින් ජය ගැනීමට සත්කාරක නවසීලන්තය අද සමත් වුණා.

කාසියේ වාසියේ දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්තයට ලබා දුන්නා. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී නවසීලන්තය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 179ක්.

පිළිතුරු ඉනිමේදී පන්දුවාර 16යි පන්දු 5කදී ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වුණේ ලකුණු 144ක් පමණයි.

නවසීලන්ත සංචාරයේදී මුහුණදුන් ටෙස්ට් තරගාවලිය සහ එක්දින තරගාවලිය මෙන්ම පන්දුවාර 20 තරගයද පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.