ශ්‍රී ලංකා ක්‍රිකට් ඇතුළු ආයතන 03 ක් අද කෝප් කමිටුවට

2020-02-18 at 05:45

පෙබරවාරි 18,19,20 දින වලදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය, ජාතික ලොතරැයි මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොප් කමිටුවට කැඳවා තිබේ.

එයට අමතරව මහබැංකු බැඳුම්කර සිදුවීමට අදාලව නිකුත්වී ඇති වෝහාරික විගණන වාර්තාව ඉදිරියේදී කෝප් කමිටුව තුළ සාකච්ඡා කිරීමට බලාපෙරොත්තු වන බවද COPE සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

මහබැංකු බැඳුම්කර සිදුවීමට අදාලව කෝප් කමිටුව විසින් අනාවරණය කර ගත් කරුණු ඊට අදාල ජනාධිපති කොමිස‍මේ වාර්තාවෙන් සහ වෝහාරික විගණන වාර්තාවේ කරුණු වලින් සනාථ වන බව සිය මතය බවද සභාපතිවරයා තව දුරටත් ප්‍රකාශ කර සිටියේය.

කෝප් කමිටුවේ සමාජිකයන්ගේ එකඟත්වය මත පසුගිය කාලවකවානුව තුළ අනුගමනය කළ සම්ප්‍රදායක් වන කොප් කමිටුවේ සාමාජිකයෙක් වන අමාත්‍යවරයෙකුට අදාල ආයතනයක් ‍කමිටුව ඉදිරියට කැඳවීමේදී අදාල විෂය භාර අමාත්‍යවරයා එම කමිටු සැසිවාරයට සම්බන්ධ නොවිමේ සම්ප්‍රදාය ඉදිරියටත් රැක ගැනීම බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කලේය.


dolor id venenatis Sed Donec Praesent dapibus risus. amet,