ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කොදෙව් දූපත් වෙත
2021-02-23 at 07:00

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීම සදහා 02/23 දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
ඔවුන් 02/23 දින අලුයම 3.35 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 669 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි.
කටාර් රාජ්‍යයේ දෝහා වෙත යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එතැන් සිට වෙනත් ගුවන් යානයකින් බටහිර ඉන්දීය කොදෙව් දූපත් වෙත ලගා වීමට නියමිතය.
