ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කරයි

2021-04-08 at 19:33

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කර තිබෙනවා.

ඊට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේද අනුමැතිය ලැබී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ගේ ප්‍රධානීත්වයෙන් යුත් නව තේරීම් කමිටුවට තවත් සාමාජිකයන් 05 දෙනෙකු ඇතුළත්.

එම සාමාජිකයන් වන්නේ රොමේෂ් කලුවිතාරණ / හේමන්ත වික්‍රමරත්න / වරුණ වරාගොඩ / එස් එච් යු කාර්නයින් සහ තිලකා නිල්මිණී යන මහත්ම මහත්මීනුයි.