ශ්‍රී ලංකා – පකිස්ථාන ටෙස්ට් තරගාවලිය අද ඇරඹෙයි

2019-12-11 at 05:30

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වසර 10 කට පසුව පකිස්ථානයේදී අද ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගයකට එක්වනවා.

රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10 යි 30 ට ආරම්භවීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් ද පකිස්ථානය අසාර් අලිගේ නායකත්වයෙන් ද අද තරගයට එක්වනවා.

ලෝක ටෙස්ට් ශ+රතාවලියේ එක් අදියරක් ලෙසටයි ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර මෙම තරගාවලිය සංවිධාන කර ඇත්තේ.

2009 වසරේ ලාහෝර් නුවරදී එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක් පකිස්ථානයේදී තරග සංචාරයකට එක්වන පළමු අවස්ථාව ද මෙයයි.

අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේ දි අදහස් පලකළා.

නිරෝශන් දික්වැල්ල සහ දිනේෂ් චන්දිමාල් අද තරගයට ක්‍රීඩා කරනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

පකිස්ථාන ආරක්ෂක අංශ ලබා දී ඇති ආරක්ෂාව පිළිබද සෑහීමකට පත්වන බවද දිමුත් කරුණාරත්න සඳහන් කලා.