ශ්‍රී ලංකා – පකිස්ථාන පළමු ටෙස්ට් තරගයේ හතරවන දිනය අත්හැර දමයි

2019-12-14 at 15:02

පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය වූ අද දිනය එක් පන්දුවක් හෝ ක්‍රීඩා නොකර තරගය අතහැර දැමීමට තීරණය කර තිඛෙනවා.

ඒ රාවල්පින්ඩි ජාත්‍යන්තර ක්‍රිඩාංගණයට බලපා ඇති අයහපත් කාළගුණය හේතුවෙන්.

පසුගිය දින කිහිපයේදීම විටින්විට ඇදහැලුනු අධික වැසි හේතුවෙන් ක්‍රිඩාංගණය තුල පවතින තෙත සහිත ස්වභාවය සහ අහස වළාකුලින් බරව පැවතීම සැලකිල්ලට ගෙනයි විනිසුරුවන් මෙම තීරණය ගෙන ඇත්තේ.

අයහපත් කාළගුණය හේතුවෙන් ඊයේ සහ පෙරේදා දිනයේද තරගයට විටින් විට බාධා එල්ලවුණා.

පකිස්ථානයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව ඊයේ දිනයට තරගය නතරකරන විට කඩුලු 6 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 282 ක්.

ධනංජයද සිල්වා ලකුණු 87 ක්ද දිල්රුවන් පෙරේරා ලකුණු 6 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටිනවා.

තරගයේ පස්වන හා අවසන් දිනය හෙටයි.