ශ්‍රී ලංකා පිළට අන්ත පරාජයක්

2019-03-25 at 06:10

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඊයේ පැවැති 3 වන විස්සයි විස්ස තරගයද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට අනුව ලකුනු 45 කින් ජය ගන්නද දකුණු අප්‍රිකාව සමත්වුනා.

ඒ අනුව තරග තුනකින් සමන්විත විස්ස විස්ස තරගාවලිය තරග 3 ට බින්දුවක් ලෙස පූර්ණ ජයක් ලබා ගත්තේ දකුණු අප්‍රිකාවයි.

ජොහැන්ස්බර්ග් හීදි ඊයේ පැවති තරගයේ පලමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 20 තුල කඩුලු 2 ක් දැවී ලකුණු 198 ක් ලබා ගත්තා.

ඞ්වෙයින් ප්‍රිටෝරියස් නොදැවී ලකුණු 77 යි. ශ්‍

රී ලංකා කන්ඩායමේ පිළිතුරු ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ල වුනා. ඒ අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත පදනම්ව තරගයේ ජයග්‍රහණය සදහා පන්දුවාර 17 කදී ශ්‍රී ලංකාවට හිමිවූ ඉලක්කය ලකුණු 183 ක්.

එහෙත් ශ්‍රී ලංකා පිළේ සියලු දෙනා පන්දුවාර 15 යි පන්දු 4 කදී සියල්ලන් දැවී රැස් කලේ ලකුණු 137 ක් පමණයි.

තරගාවලිය පුරාම පිත්තෙන් දස්කම් දැක්වූ ඉසුරු උදාන මෙම තරගයේදීද හයේ පහර 4 ක් සමගින් ලකුණු 36 ක් රැස් කළා.

Please follow and like us: