ශ්‍රී ලංකා – බංග්ලාදේශ 02 වන ටෙස්ට් තරගයේ අවසාන දිනය අද

2021-05-03 at 09:01

ශ්‍රී ලංකා – බංග්ලාදේශ 02 වන ටෙස්ට් තරගයේ 05 වන හෙවත් අවසාන දිනය අදයි.

තරගය ජය ගැනීමට බංග්ලාදේශය අද දිනයේදී ළකුණු 260 ක් ලබාගත යුතු වනවා.

තරගයේ 04 වන දිනය වූ ඊයේ තරගය අත්හිටුවන විට බංග්ලාදේශය දෙවන ඉණිම සඳහා කඩුලු 05 ක් දැවී ළකුණු 177 ක් ලබා සිටියා.

තරගය ජයගැනීම සඳහා බංග්ලාදේශයට 02 වන ඉණිමේදී ළකුණු 437 ක ඉලක්කයක් හිමිවුණා.

ඒ ශ්‍රී ලංකාව කඩුලූ 09 කට ළකුණු 194 ක් ලබා සිටියදී සිය දෙවන ඉණිම අත්හිටුවීම හේතුවෙන්.

තරගය පැවැත්වෙන්නේ පල්ලේකැලේ හිදීයි.