සංදර්ශනය සහ මර්දනය පසෙකළා වත්මන් රජය සංවර්ධනයේ – අගමැති

2019-03-17 at 18:54

වත්මන් රජය සංදර්ශනය සහ මර්දනය පසෙකළා සංවර්ධන කටයුතු වල නිරත වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කොච්චිකඬේ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ 1950 දශකයෙන් පසු ඉතිහාසයේ පළමු වරට මෙරට ජංගම ගිණුමෙහි අතිරික්තයක් පෙන්නුම් කර ඇති බවයි.

වත්මන් රජය ආරම්භ කළ වැඩසටහන්වල ප්‍රතිඵල මේ වන විට ලැබෙමින් පවතින බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

රජය මෙම සියලු කටයුතු ක්‍රියාත්මක කළේ මෙරට තරුණ පරපුරේ අනාගතය සුරක්ෂිත කිරීමට බවයි වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ.

Please follow and like us: