සහරාන් හෂිම්ගේ සමීපතමයින් දෙදෙනෙකු හිඟුල ප්‍රදේශයේදි අත්අඩංගුවට

2019-06-14 at 18:45

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය සහ යුධ හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකදී මාවනැල්ල, හිඟුල ප්‍රදේශයේදි සහරාන් හෂිම්ගේ සමීපතමයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මොහොමඩ් රාසික් මොහොමඩ් රිස්වි නැමැති පරිගණක තාක්ෂණික ශිල්පියෙකු ලෙස නුවර ප්‍රදේශයේ සේවය කරමින් සිටි පුද්ගලයෙකු සහ මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් රිස්වාන් නැමැති රියදුරෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් දෙදෙනා අවි පුහුණුව ලබා ඇති බවට සහ සහරාන් හෂිම් විසින් සංවිධානය කෙරුණු දේශනවලටද සහභාගී වී ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.