ස්වයං නිරෝධායනය ප්‍රතික්ෂේප කරන බි්‍රතාන්‍යයන්ගෙන් පවුම් 10,000 ක දඩය අද සිට

2020-09-28 at 15:50

ස්වයං නිරෝධායනය ප්‍රතික්ෂේප කරන බි්‍රතාන්‍ය ජාතිකයන්ගෙන් ස්ටර්ලිං පවුම් 10 000 ක දඩයක් අයකරගැනීම අද සිට ක්‍රියාත්මකයි.

මේ අනුව කොවිඞ් වෛරසය ආසාධිත හෝ ආසාධිතයෙකු සමග සමීපව කටයුතු කල ඕනෑම අයෙකු අනිවාර්ය නිරෝධායනයකට යටත්විය යුතුයි.

බි්‍රතාන්‍ය රජය මෙම තීරණය ගෙන ඇත්තේ කොරෝනා වෛරස ආසාධිත රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නන්ගෙන් සියයට 18 ක් පමණක් නිරෝධායනයට යොමුවන බවට වාර්තාවක් නිකුත්වීමත් සමගයි.

එමෙන්ම නිරෝධායනය වීම හමුවේ ආදායම අහිමිවන පුද්ගලයන්ට පවුම් 500 ක දීමනාවක් ගෙවීමටද බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙනවා.