සියලුම ලාංකිකයන්ගෙන් විවාහක රූ රැජිණ කල ඉල්ලීම

2019-12-10 at 12:54

ජාත්‍යන්තර මට්ටමේ තරග වලට ඉදිරිපත් වන ශ්‍රී ලාංකින්ට නිසි සහයෝගයක් ලබා දෙන්නැයි ලෝක විවාහක රූ රැජිණ වන කැරොලින් ජූරි මහත්මිය ඉල්ලීමක් කරනවා.

අමෙරිකාවේ ලාස් වේගාස් හී පැවති ලෝක විවාහක රූ රැජිණ තරගාවලියේ කිරුළ ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමින් ඇය මේ බව සදහන් කළා.