සුපිරි වෙළදසැල්වලින් ලබාදෙන පොලීතින් බෑග් සදහා මුදලක් අය කිරිමේ නීතිය නැවතත්?

2021-04-08 at 12:43

සුපිරි වෙළදසැල් වලින් පාරිභෝගිකයන්ට ලබාදෙන පොලීතින් බෑග සදහා යම් මුදලක් අය කිරිමේ නීතිය නැවත ක්‍රියාත්මක කරන බව පරිසර අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මීට පෙරද අදාල නීතිය ක්‍රියාත්මක වු නමුත් අධිකරණ නියෝගයක් මත එය අත්හිටවු බවයි.

ප්ලාස්ටික් බෝතල් සදහා තැන්පතු මුදලක් ලබා ගැනිමේ වැඩපිළිවෙලක් සකස් කිරිම කෙරෙහිද අවධානය යොමුව ඇති බවයි අනිල් ජාසිංහ මහතා අවධාරණය කළේ.