හතුරුසිංහට හදිසි කැදවීමක්

2019-03-14 at 15:38

දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින ක්‍රීකට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ නැවත ශ්‍රී ලංකාවට කැදවීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා නිවුස් රේඩියෝවට කියා සිටියේ ලෝක කුසලාන පෙර සූදානම පිළීබද සාකච්ඡා කිරීම එහි ප්‍රධාන අරමුණ බවයි.

දකුණු අප්‍රිකාවට එරෙහි 20යි 20 තරගාවලියේදී ශ්‍රී ලංකා කන්ඩායමේ පුහුණුකරුවා ලෙස පන්දු රැකීමේ පුහුණුකරු ස්ට්ව් රික්සන් කටයුතු කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා දකණු අප්‍රීකා 5 වන හා අවසන් එක්දින තරගය අනිද්දා කේප්ටවුන් හිදී පැවැත්වෙනවා.

දෙරට අතර 20යි 20 තරගාවවිය ආරම්භ වන්නේ ලබන 19වනදායි.