හම්බන්තොට යෝජිත වන අලි කළමනාකාරන රක්ෂිතය මේ සතියේ ප්‍රකාශයට

2021-04-08 at 18:22

WILD LIFE DEPARTMENT

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකාරන රක්ෂිතය මේ සතිය තුළ ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඊට අදාල නීති කෙටුම්පත සංශෝධන සදහා යොමු කර ඇති බවයි.

මහා පරිමාණ පරිසර විනාශයන් සම්බන්ධ වැටලීම් සදහා පොලීසිය ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගන්නා බවය මාධ්‍ය හමුවට එක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.