හරි අපේක්ෂයා නොදැම්මොත් ජනාධිපතිවරණයේ ප්‍රථීපල අඩුවෙයි -SLPP

2019-01-11 at 16:54

මීලග ජනාධිපතිවරණ අපේක්ෂයා තොරා ගැනීමේදී සිය මතයට ප්‍රමුඛත්වය ලබා දියයුතු බව ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ පවසනවා.

කොළඹ පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා කියා සිටියේ නව සන්ධානයක් යටතේ ජනාධිපතිවරණය තරග කරන්නේ නම් ජනාධිපතිවරණ අපේක්ෂයා නම් කිරිම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිදුකළ යුතු බවයි.

මීලග ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාංචන විජේසේකර මහතා මේ බව ප්‍රකාශ කළා.