හෙරොයින් කිලෝ 10 කට අධික ප්‍රමාණයක් සමඟ 2 ක් රාජගිරියේදී අත්අඩංගුවට

2019-11-22 at 18:02

රාජගිරිය ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 10 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24 ක් වන අතර සැකකාරිය වයස අවුරුදු  31 ක් පමණය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.