හොරණ රබර් කම්හලක ඇමෝනියා ටැංකියක් පිපිරී 5 ක් රෝහලේ

September 14, 2018

හොරණ වගවත්ත පෝරුවදණ්ඩ ආයෝජන කළාපයේ පිහිටි රබර් කර්මාන්ත ශාලාවක් තුල ඇමෝනියා ගෑස් ටැංකියක් පිපිරීමෙන් ශ්වසන අපහසුතාවන්ට ලක්වූ පුද්ගලයන් 5 දෙනෙකු රෝහල් ගත කර තිඛෙනවා.  ඒ අතරින් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවයි පොලිසිය සදහන් කලේ.

හතර දෙනෙකු හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර එක් අයෙකු ප්‍රතිකාර ලබන්නේ පානදුර මූලික රෝහලේයි.

ඇමෝනියා අඩංගු ගෑස් ටැංකි කිහිපයක් ලොරි රථයකින් පිටතට ගනිමින් සිටියදී එක් ගෑස් ටැංකියක් පුපුරායාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සදහන් කලේ. වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ ඉංගිරිය පොලිසියයි.