හොරෙන් ගෙන්වූ ඔක්සිමීටර 3400 ක් සමග 03 ක් අත්අඩංගුවට

2021-06-11 at 07:04

නීතවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද, රුධිරයේ ඔක්සිජන් පරිමාව මැනබැලීමට යොදාගන්නා උපකරණ තොගයක් සමග සැකකරුවන් තුන්දෙනෙකු පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන කොට්ඨාශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ 12 ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි මෙම සැකකරුවන් ස්ථාන තුනකදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඒ අනුව එම ඔවුන් සතුව තිබී රුධිරයේ ඔක්සිජන් පරිමාව මැනබැලීමට යොදාගන්නා උපකරණ 3400 ක් පමණ සොයගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.