ළහිරු කුමාරට කොරෝනා

2021-02-22 at 12:20

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි ක්‍රිකට් තරගාවලිය සඳහා හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව සිටි සංචිතයටද ඇතුළත්ව සිටි ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට කොරෝනා වෛරසය ආසාධනය වී තිබෙනවා.

සංචිතයේ ක්‍රීඩකයන් සඳහා ඊයේ සිදුකල පී සී ආර් පරීක්ෂණවලදී එය තහවුරු කරගත් බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කලේ.

මේ වනවිට ඔහු ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.

සෞඛ්‍ය නිර්දේශ අනුව ඉදිරි පියවර අනුගමනය කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියාසිටියේ.

ක්‍රීඩක ළහිරු තිරිමාන්න සහ ප්‍රධාන පුහුණුකරු මිකී ආර්තර්ටද පසුගියදා කොවිඩ් වෛරසය ආසාධනය වී ඇතැයි අනාවරණය කර ගැණුනා.