19 න් පහළ ලෝක කුසලාන අවසන් තරගයේදී ගැටුමකට මැදිවූ ක්‍රීඩකයන් 5 කට දඩුවම්

2020-02-11 at 06:19

අවුරුදු 19 න් පහළ ලෝක කුසලානයේ අවසාන මහා තරගයෙන් පසු කළහකාරීව හැසිරුණු ඉන්දීය සහ බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයන් 5 දෙනෙකුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩුවම් නියම කර තිබෙනවා.

බංග්ලාදේශ ක්‍රීඩකයන් 3 දෙනෙකුට අසාදු ළකුණු 6 බැගින්ද ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනෙකුට අසාදු ළකුණු 5 බැගින්ද පිරිනැමීමටයි අයි සී සී ය තීරණය කර ඇත්තේ.

දකුණු අප්‍රිකාවේ පෙරේදා පැවති අවසාන මහා තරගයෙන් බංග්ලාදේශයට කඩුලු 3 ක ජයත් අත්වුණා.

එය බංග්ලාදේශය ක්‍රිකට් ක්‍රීඩාවේ ලෝක කුසලානයක් දිනාගත් පළමු අවස්ථාවයි.

එය අවසානයේ කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයන් බහින්බස්වීමක නිරත වූ අයුරු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා.