19 සංශෝධනය වීම ගැන ඉගියක්

December 6, 2018

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ හරය සහ එමගින් ඇති කරනු ලබූ ප්‍රජාතන්ත්‍රවාදී සාරය ආරක්ෂා කර ගනිමින් එහි දුර්වලතා සහ දේශපාලන වශයෙන් ගැටලු සහගත වන්නාවූ කරුණුවලට අදාල සංශෝදන පාර්ලිමේන්තු ක්‍රියාදාමය අනුව සිදුකිරීමට ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැපවී සිටින බව ජනාධීපති මාධ්‍ය ඒකකය අවධාරණය කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධීපති මාධ්‍ය ඒකකය පෙන්වා දෙන්නේ දශක තුනක් පුරා පැවති ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ ගැටලුකාරී තත්වයන් විසදීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය සිදුකල බවයි.

එම සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ව්‍යූහය ශක්තිමත් කිරීම ඇතුලු සාධනීය ප්‍රථීඵල සමුදායක් ශ්‍රී ලංකා සමාජයට ලැබී ඇති බවයි ජනාධීපති මාධ්‍ය ඒකකය නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ.