20 කැබිනෙට්ටුවට එනකම් අගමැතිවත් දැනන් ඉඳලා නෑ

2020-09-16 at 18:15

වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුල තුනෙන් දෙකක බහුතර බලයක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට නම් විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ආණ්ඩුව පාර්ශවයට එක්කර ගැනීමට සිදුවනු ඇති බවයි.

මෙම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාද එක්වුනා.

ඔහු කියා සිටියේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ රාජ්‍ය ආයතන 120 කට වැඩි සංඛ්‍යාවක් විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණයෙන් ඉවත් කර ඇති බවයි.

මේ අතර කොළඹ පැවති තවත් මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතාද 20 වන සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළකලා.

මන්ත්‍රීවරයා කියාසිටියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන තුරු අග්‍රාමාත්‍යවරයා හෝ මෙහි අඩංගු කරුණු පිළිබඳ දැනුවත්ව නොමැති බවයි.