20 ජනතාවගේ යහපත උදෙසායි

2020-09-16 at 17:31

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රජය විසින් ගෙන එන්නේ ජනතාවගේ යහපතට බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අමාත්‍යංශයේදී අද පෙරවරුවේ පැවති සාකච්ජාවකට සහභාගී වෙමින්.

විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ද 20 වන සංශෝධනය ගෙන ඒම සදහා ආණ්ඩුව සමග එකතු වන බවටද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ඉගියක් පළකලා.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යම්කිසි අඩුපාඩුවක් ඇත්නම් ඒ පිළිබද සොයා බැලීම සදහා අග්‍රාමාත්‍යවරයා විසින් කමිටුවක් පත්කරනු ලැබුවා.

ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කල විමසීමකට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මෙලෙස පිළිතුරු ලබාදුන්නා.