2016 රාජගිරිය රිය අනතුර : පාඨලී, වැලිකඩ හිටපු OIC ඇතුලු 3 කට අධි චෝදනා

2020-07-10 at 15:36

2016 වසරේ රාජගිරියේදී සිදුවූ රිය අනතුරට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක / වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල හා තවත් අයෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොණු කර තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය නිව්ස් රේඩියෝවට කියාසිටියේ සාක්ෂි වසන් කිරීම / ව්‍යාජ සාක්ෂි නිර්මාණය ඇතුලු චෝදනා කිහිපයක් යටතේ මෙහිදී නඩු පවරා ඇති බවයි.

පාඨලී චම්පික රණවක මහතා මෙම සිද්ධියට අදාළව මීට පෙර අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හරිනු ලැබුවා.

නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය මාසයේ අධිකරණයට දැනුම්දී තිබුණේ මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන අවසන් කර ඇති බවයි.