2019 ලෝක රූ රැජිණ කිරුළ ජැමෙයිකාවේ ටෝනි ඈන් සිංට

2019-12-15 at 07:40

2019 ලෝක රූ රැජිණ කිරුළ හිමිකර ගැනීමට ජැමෙයිකාවේ ටෝනි ඈන් සිං සමත්වුණා.

23 හැවිරිදි ඇය අමෙරිකාවේ ෆ්ලොරිඩා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව හදාරන්නියක්.

එංගලන්තයේ ලන්ඩන් නුවරදීයි අවසාන වටය ඊයේ රාත්‍රියේ පැවැත්වුණේ.

එහිදී 2 වන ස්ථානය ප්‍රංශය නියෝජනය කල ඔෆෙලි මෙසිනෝ (20) විසින්ද 3 වන ස්ථානය ඉන්දියාවේ සුමන් රාවෝ (20) විසින්ද දිනාගනු ලැබුවා.

ජැමෙයිකාව විසින් ලෝක රූ රැජිණ කිරුළ දිනාගත් 4 වන අවස්ථාව මෙයයි.

ජැමෙයිකාව වෙනුවෙන් පළමුවරට ලෝක රූ රැජිණ කිරුළ 1993 දී ජයගත්තේ ලිසා හැනා විසිනුයි.

මේ අතර 3 වන ස්ථානය දිනාගත් ඉන්දීය රූ රැජිණට පාර්ශව රැසක් සුභපතා තිඛෙනවා.

2017 වසරේදී ඉන්දියාව නියෝජනය කල මානුෂි චිලර් ලෝක රූ රැජිණ කිරුළ දිනාගත්තේ 2000 වසරේදී ප්‍රියංකා චොප්රා විසින් විසින් එම කිරුළ දිනාගැනීමෙන් 17 වසරකට පසුවයි.