2020 IPL පළමු තරගයෙන් වත්මන් ශූර මුම්බායි ඉන්ඩියන්ස් පරදා චෙන්නායි කණ්ඩායමට කඩුලු 05 ක ජයක්

2020-09-20 at 08:42

2020 අයි පී එල් සමාරම්භක තරගයෙන් වත්මන් ශූරයන් වන මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම කඩුලු 05 කින් පරාජය කිරීමට වත්මන් අනුශූරයන් වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්වුණා.

අබුඩාබි නුවර පැවති තරගයේ මුලින් පන්දුවට පහර දුන් මුම්බායි කන්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ළකුණු 162 ක් ලබාගත්තා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල චෙන්නායි කණ්ඩායම පන්දු 04 ක් පමණක් ඉතිරිව තිබියදී කඩුලු 05 ක් දැවී ළකුණු 166 ක් ලබා ජයග්‍රාහී ඉලක්කය පසුකලා.

චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් ළකුණු 71 ක් රැස්කල අම්බති රයිදු තරගයේ වීරයායි.