20A අද පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ???

2020-09-17 at 06:01

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කර අදට දින 15 ක් වනවා.

කිසියම් පණත් කෙටුම්පතක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව එය දින 14 කට පසුව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුලත් කිරීම සිදුවනවා.

ඒ අනුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පණත් කෙටුම්පත බොහෝදුරට අද දිනයේදී පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරෙනු ඇති බවයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයකයෙකු නිවුස් රේඩියෝවට කියා සිටියේ.