30 ට අඩු අයට ඇස්ට්‍රා-සෙනෙකා වෙනුවට විකල්පයක් අවශ්‍යයි : බ්‍රිතාන්‍යය

2021-04-08 at 06:07

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ගැනීමෙන් පසු රුධිර කැටි ගැසීම් ඇතිවීම අතිශය දුර්ලභ අතුරු ආබාධයක් බව යුරෝපා ඖෂධ ඒජන්සිය අවධාරණය කරනවා.

යුරෝපයෙන් වාර්තා වූ එවැනි සිදුවීම් 86 ක් පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි ඔවුන් එම නිගමනයට එළැඹී ඇත්තේ.

දැනට යුරෝපා මහද්වීපයේ මිලියන 25 කට අධික පිරිසකට එන්නත දී ඇති බවත් එයින් රුධිර කැටිගැසීම් වාර්තාවී ඇත්තේ ඉතා සුලු පිරිසකගේ පමණක් බවත් මෙහිදී සඳහන් කෙරුණා.

කෙසේවෙතත් වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයන්ට ඇස්ට්‍රා-සෙනෙකා වෙනුවට විකල්ප එන්නතක් දීම වඩාත් යෝග්‍ය බව මහා බි්‍රතාන්‍ය එන්නත් උපදේශක කාර්යාලය පවසනවා.

රුධිර කැටි ගැසීම් අවධානමයි ඊට හේතුවී ඇත්තේ.

මේ අතර ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාධිතයන්ගේ වාර්තාව නැවතත් අලුත් වී තිබෙනවා.

ඊයේ දිනයේදී එරටින් කොවිඩ් රෝගීන් 126 315 දෙනෙකු සටහන්වී තිබෙනවා.

එය මේ දක්වා එක් දිනයකදී එරටින් වාර්තාවූ වැඩිම කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාවයි.