50kg ක සිමෙන්ති කොට්ටය රුපියල් 100කින් ඉහළට

2019-11-22 at 11:04

කිලෝ 50 ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් ඉහළ දැමීමට පාරිභෝගික අධිකාරිය පියවර ගෙන ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.

පාරිභෝගික අධිකාරිය විසින් අදාළ පිරිවැය සලකා බැලීමකින් තොරව සිමෙන්ති සමාගම් 5 කට මෙලෙස මිල වැඩිකිරීමට අවස්ථාව දී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම ව්‍යාපාරය සදහන් කළේ.

පාරිභෝගික අධිකාරියේ හිටපු සභාපතිවරයා ධූරයෙන් ඉවත්වීමට පෙර මෙම පියවර ගෙන ඇති බවද ඒ අනුව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1095 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කලා.