A/L පමණක් සමත් අයවත් අමෙරිකාවේ තානාපතිලා කරලා

2019-07-12 at 11:57

විදේශ සේවයේ තානාපතිවරුන් ලෙස උසස් පෙළ පමණක් සමත්වූවන් පත්කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පළවුණා.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් නගා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දුන්නේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතායි.

මේ අතර නෙදර්ලන්තයට පත් කර ඇති තානාපතිවරයාට සිය රාජකාරි ආරම්භ කිරීමට මෙතෙක් නොහැකිවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අදහස් පළකලා.