A/L – O/L මාස මාරුව මෙම වසරේදී නොවේ

2021-05-05 at 07:24

සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදී ද උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදී ද පැවැත්වීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය මේ වසරේ විභාග සඳහා පෙනී සිටින සිසුන් සඳහා අදාළ නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එය 2022 වසරේ හෝ 2023 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කියාසිටියේ.