Update : උදයංග වීරතුංග CID අත් අඩංගුවට

2020-02-14 at 09:30

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කලේ.
මිග් යානා මිළදී ගැනීමේ ගණුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයට අදාළවයි උදයංග වීරතුංග මහතා අද අලුයම රහස් පොලිසිය භාරයට ගැණුනේ.
ඒ ඕමානයේ මස්කට් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදීයි. (Update 2)
——————————————————————————————————————————————————————
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී 2/14 දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඔහු 2/14 දින අලුයම 4.37 ට මස්කට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 208 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. (Update 1)

Aliquam elementum ut lectus fringilla pulvinar Donec velit, et, ipsum efficitur. ipsum